බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 18 දක්වා ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 60ක පමණ බදු ආදායමක් අහිමි වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
2025 වසර සඳහා රජය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියම කර ඇති බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195ක් බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා සඳහන් කළා.
බදු ජාලය පුළුල් කර, බදු නොගෙවන පුද්ගලයින් බදු ජාලයට ඇතුළත් කර ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ ඔස්සේ බදු ආදායම ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.