Latest News

ලෝක මැලේරියා දිනයේදී WHO හෙළිකළ විශේෂ අනාවරණය

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැලේරියාව හේතුවෙන් සෑම මිනිත්තුවකට වරක් ලෝකයට මිනිස් ජීවිතයක් අහිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසනවා.

ඊයේ (අප්‍රේල් 25) යෙදෙන ‘ලෝක මැලේරියා දිනය’ වෙනුවෙන් කරුණු රැසක් අනාවරණය කරමින් එම සංවිධානය මේ බව හෙළිකර තිබෙනවා.

අදාළ අනාවරණය අනුව ලොව පුරා සිදුවන මැලේරියා මරණවලින් 95% ක්ම වාර්තාවන්නේ අප්‍රිකානු කලාපයේයී.

එහි ඇති බරපතළම කරුණ වන්නේ ලොව පුරා ව්‍යාප්තව ඇති මැලේරියා වසංගතයෙන් තුනෙන් දෙකක් අප්‍රිකාවේ රටවල් 11ක් අතර පැතිර තිබීමයි.

මේ අතර 2000 වසරේ සිට ගතවූ කාලය තුළ මැලේරියා රෝගීන් බිලියන 2.2ක් වාර්තා වී තිබෙනවා.

ඉන් 2023 වසරේ දී පමණක් රටවල් 83කින් මැලේරියා රෝගීන් මිලියන 263ක් වාර්තා වී ඇති අතර, එම වසරේ දී සිදුව ඇති මරණ ගණන 597,000ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

World News

Send your contact Details Today