Latest News

කෝලා සතුන්ට අපල කාලයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා ජාතික වනෝද්‍යානයේ කෝලා සතුන් ඉලක්ක කරගෙන වෙඩි තැබීම් සිදුවන බවට පරිසර අංශ චෝදනා කරනවා.

හෙලිකොප්ටර්වලින් ගොස් ස්නයිපර් තුවක්කු මඟින් ඔවුන් මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

Budj Bim ජාතික වනෝද්‍යානයේ මේ වනවිට කෝලාවන් 700 ක් පමණ මරා දමා ඇති බව පරිසර අංශ පෙන්වාදෙනවා.

වික්ටෝරියා රජය මේ පිළිබඳ කටයුතු කරන ආකාරය ගැන පරිසර හිතකාමීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

විපක්ෂ පරිසර ප්‍රකාශක බ්‍රැඩ් රෝස්වෙල් වික්ටෝරියා රජයෙන් ඉල්ලා සිටියේ මරා දැමූ කෝලා සතුන් ප්‍රමාණය පිළිබඳ ලේඛන ප්‍රසිද්ධ කරන ලෙසයි.

මේ හේතුවෙන් තම මව් රාජ්‍යයේ කීර්ති නාමයට සිදුවිය හැකි හානිය ගැනද ඔහු කනස්සල්ලට පත්ව තිබෙනවා.

පසුගියදා බලපෑ ලැව් ගිනි හේතුවෙන් විනාශ වූ හෙක්ටයාර් 2000 කට ආසන්න ප්‍රදේශයක සිටි කෝලා සත්වයින්‍ගේ වාසස්ථාන ද විනාශ වූ බවයි පාරිසරික අංශ පෙන්වාදෙන්නේ.

World News

Send your contact Details Today