Latest News

ගුවන් ගත කිරීමට සූදානම් කර තිබූ මගී ගුවන් යානයක හදිසි ගින්නක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ගුවන් ගත කිරීමට සූදානම් කර තිබූ මගී ගුවන් යානයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගුවන් යානය තුළ මගීන් 300දෙනෙකු රැදී සිටි බවයි.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් 1213 දරණ එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානයක දකුණු පස එංජිමේ මෙම ගින්න හටගෙන තිබුණා.

එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ බලධාරීන් මගීන් යානයෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණු අතර, ඉන් කිසිදු මගියෙකුට කිසිදු අනතුරක් සිදුනොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

World News

Send your contact Details Today