පාකිස්තානුවන් රට අතහැර යෑම ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේයී.
ඔවුන් එලෙස රට අතහැර යන ප්‍රධාන හේතුව වන්නේ විදේශ රැකියා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාකිස්තානය නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව 2025 පළමු කාර්තුවේදී පාකිස්තානුවන් 172,000 කට වැඩි පිරිසක් විදේශ රැකියා අපේක්ෂාවෙන් රට හැර ගොස් තිබෙනවා.
සෞදි අරාබිය පාකිස්තාන කම්කරුවන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් වී ඇති අතර එරටට ගොස් සිටින පාකිස්තානයේ රැකියා අපේක්ෂකයින් සංඛ්‍යාව 121,190 ක් බවද පැවසෙනවා.
පළමු කාර්තුව තුළ පාකිස්තානුවන් 8,331 දෙනෙකු ඕමානයටත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තවත් 6,891 දෙනෙකුත් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කටාර් රාජ්‍යය ද ප්‍රියතම විකල්පයක් ලෙස හඳුනාගෙන ඇති පාකිස්තානුවන් 12,989ක් එහි රැකියා සඳහා ගොස් තිබෙනවා.
ඊට අමතරව එක්සත් රාජධානිය, තුර්කිය, බහරේනය, ග්‍රීසිය, මැලේසියාව, චීනය, අසර්බයිජානය, ජර්මනිය, එක්සත් ජනපදය, ඉතාලිය සහ ජපානය වෙත ද පාකිස්තානුවන් රැකිසා සඳහා ගොස් තිබෙනවා.