Latest News

අවුරුදු ක්‍රීඩා ආරක්ෂිතව සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අවුරුදු උත්සව ක්‍රීඩාවලදී ද හදිසි අනතුරු සිදුවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා පවසනවා.

ක්‍රීඩා ඉසව් ආරක්ෂිතව සිදු කරන ආකාරය පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් හා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් ලබා ගනිමින් ක්‍රීඩා මාර්ගෝපදේශකයක් පසුගිය වසරේ නිකුත් කළ බවයි ඔහු පැවසුවේ.

මෙම ක්‍රීඩා මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර අවුරුදු සමයේ විනෝදාත්මක ක්‍රීඩා ඉසව්වලදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් අනතුරු අවම කර ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් පහත ඉල්ලීම් සිදු කළා:

  • අවුරුදු සමයේදී වාහන පැදවීමේදී අතිශය පරිස්සමින් කටයුතු කරන ලෙස
  • මද්‍යසාර පානය කර වාහන පැදවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස
  • නොදන්නා ජලාශවල නෑමෙන් වැළකී සිටින ලෙස
  • විනෝදාත්මක ක්‍රීඩා ඉසව්වලදී නිසි ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස
  • නිවෙස්වල සිදුවන අනතුරු වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස

රටේ හදිසි අනතුරු අනුපාතය ඉහළ මට්ටමක පවතින බැවින්, විශේෂයෙන් අවුරුදු සමයේදී සියලු ආකාරයේ හදිසි අනතුරු වැළැක්වීම සඳහා ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥවරු අවධාරණය කරනවා.

World News