Latest News

YouTube නාලිකාවක් හරහා සිදුකරන අසත්‍ය ප්‍රචාරයක් ගැන දැනුම්දීමක්

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විගමණික ශ්‍රමිකයින්ට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් 10,000.00ක මුදලක් ලබාදෙන බවට විදේශ රටකින් ක්‍රියාත්මක වන YouTube නාලිකාවක් හරහා සිදුකරන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කාර්යාංශය පවසනවා.

එම වීඩියෝව මගින් විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක් දිවයිනේ ඕනෑම කාර්යාංශ කාර්යාලයකට යොමු කරන ලෙස දන්වා ඇතත්, කාර්යාංශය විසින් එවැනි නිවේදනයක් කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති බවත්, මෙම වංචනික ක්‍රියාවලියට හසු නොවන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි වැඩපිළිවෙළක් කාර්යාංශය මගින් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති අතර, මෙය විගමණික ප්‍රජාව රැවටීමේ අරමුණින් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය අවධාරණය කරනවා.

එවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

එසේම, රජයේ නිල නිවේදන ප්‍රචාරය සඳහා සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති බවත්, ඉදිරියේදී මෙවැනි වංචාකාරී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, YouTube, සහ TikTok යන මාධ්‍ය හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවද කාර්යාංශය සඳහන් කළා.

World News