Latest News

විශ්ව විද්‍යාලයක සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ලීක් වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයක සිසුන්ගේ පෞද්ගලික තොරතුරුවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් ප්‍රවේශයක් සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිසුන් දස දහසකගේ පමණ පෞද්ගලික තොරතුරු පිටතට ගොස් ඇති බව බටහිර සිඩ්නි විශ්ව විද්‍යාල බලධාරීන් ප්‍රකාශ කළා.

වත්මන් හා හිටපු සිසුන්ගේ දත්ත වලට අනවසර ප්‍රවේශයක් සිදුව ඇති බව පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවල පෙන්නුම් කළ බව විශ්ව විද්‍යාලය පවසනවා.

බලපෑමට ලක්වූ ශිෂ්‍යයින්ට ඒ පිළිබඳව දැනුම්දෙමින් පවතින අතර අනුගමනය කළ යුතු ආරක්ෂක පියවරයන් දැනුවත් කරන බවයි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය කියා සිටියේ.

නිව් සවුත්වේල්ස් සයිබර් පොලිස් අපරාධ බලකාය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

World News

Send your contact Details Today