ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු ගාසා තීරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.