Latest News

අමෙරිකාවෙන්, චීනයට පැන වූ බදු බර ඔස්ට්‍රේලියාවටත් දැනෙයි

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළ අද පළමු ගණුදෙනු තුළ දී දරුණු කඩාවැටීමකට ලක්ව තිබෙනවා.

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොලට තවත් ඩොලර් බිලියන 53 ක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ධවල මන්දිරය අද නිවේදනය කළේ චීනය සඳහා ආනයනික බද්ද අද පස්වරුවේ සියයට 104 ක දැවැන්ත ඉහළයාමක් සිදුවනු ඇති බවයි.

ඒ අනුව පෙරවරු 10 ට කොටස් වෙළඳපොළ ගණුදෙනු ආරම්භ කරන විට ASX 200 දර්ශකය 2% කින් පහත වැටී 7349 ක් බවට පත්ව තිබෙනවා.

චීනය ඔස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර ඔස්ට්‍රේලියා චීන ආර්ථිකය සමඟ සමීපව බැඳී සිටීම අද කොටස් වෙළඳපොළේ පසුබෑමට හේතුවූ බව වෙළඳපොළ විශ්ලේෂකයෙකු වැඩිදුරටත් කියා සිටියා.

තීරු බදු සම්බන්ධ සාකච්ඡා සහ සංචිත බැංකු තීරණ මත ඔස්ට්‍රේලියා වෙළඳපොල අවදානම තීරණය වනු ඇති බවයි කොටස් වෙළඳපොල විශ්ලේෂකයා තවදුරටත් ප්‍රකාශකර සිටියේ.

World News