Latest News

ඩොමිනිකන් ජනරජයේ රාත්‍රී සමාජ ශාලාවක බිහිසුණු අනතුරක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොමිනිකන් ජනරජයේ රාත්‍රී සමාජ ශාලාවක වහලයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් ගණන 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තවත් 155 අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුරින් උතුරු මොන්ටේ ක්‍රිස්ටි පළාතේ ආණ්ඩුකාර නෙල්සි කෲස් ද මියගොස් තිබෙන බවද වාර්තා වනවා.

සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට් සෙට් රාත්‍රී සමාජ ශාලාවේ තිබූ සංගීත ප්‍රසංගයක් අතරතුර වහලය කඩා වැටී තිබුණා.

ජෙට් සෙට් යනු නිතිපතා නර්තන සහ සංගීත ප්‍රසංග පවත්වන අගනුවර ඇති ජනප්‍රියම රාත්‍රී සමාජ ශාලාවක් වනවා.

කෙසේ වෙතත්, අනතුරට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.

World News

Send your contact Details Today