තායිවාන් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ආතතීන් මධ්‍යයේ ජපානය, චීනයට එරෙහිව නව සමුද්‍ර ආරක්ෂක ඒකකයක් දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සමුද්‍රීය සැපයුම් කෙරෙහි අවධානය යොමු කරන ලද අලුතින් පිහිටුවන ලද ඒකකයක් හරහා දුරස්ථ දකුණු දූපත් සඳහා ස්වයං ආරක්ෂක බලකායේ ප්‍රවාහන හැකියාවන් වැඩි දියුණු කිරීමට ජපානය කැපවී සිටින බවයි එරට ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකාතානි ප්‍රකාශ කර ඇත්තේ.
ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයාගේ සෘජු පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම කණ්ඩායම ආසන්න වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකුගෙන් සමන්විත එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
2028 මාර්තු වන විට ඒ සඳහා ප්‍රවාහන යාත්‍රා 10ක් මිලදී ගැනීම ජපානයේ ඉලක්කයයි.
නැව් දෙකේ කපිතාන්වරුන් සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ සාමාජිකයින් වන අතර අනෙකුත් බොහෝ කාර්ය මණ්ඩල සාමාජිකයින් සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය විසින් ලබාදෙන පුහුණු සහාය ඇති ගොඩබිම් ස්වයං ආරක්ෂක බලකායේ සාමාජිකයින් වනු ඇති.
මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ, “ජපානය ගොඩබිම් ස්වයං ආරක්ෂක බලකාය සහ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය අතර සහයෝගීතාවෙන් නව ඒකකය ස්ථාපිත කිරීම ඓතිහාසික වශයෙන් වැදගත් සන්ධිස්ථානයකි.” යනුවෙන්.
ජපානයේ මෙම ක්‍රියාමාර්ගය පැමිණෙන්නේ චීනය විසින් තායිවානය මත සිය හමුදා පීඩනය තීව්‍ර කරන පසුබිමක් තුළ වීම විශේෂත්වයක්.