Latest News

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශයක් සෙළවෙයි

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස් හි Hunter ප්‍රදේශයේ අද ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය රිච්ටර් මාපක 3.4 ක අගයක් බවයි ඔස්ට්‍රේලියා භූ විද්‍යා කාර්යංශය පවසන්නේ.

අද අලුයම භූ කම්පනය සිදුව ඇති අතර එය කිලෝමීටර් 4 කට පමණ දැනී ඇති බවයි වාර්තා වන්නේ.

Bulga and Thorley Warkworth කන්ද වටා භූ කම්පනය කේන්ද්‍ර වී ඇති බව ඔස්ට්‍රේලියා භූ විද්‍යා කාර්යංශය කියා සිටියා.

Singleton නගරයේ පදිංචිකරුවන් ද කම්පනයෙන් අවදි වී ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

පසුගිය වසරේ අග භාගයේදී භූ කම්පනයකින් Muswellbrook නිවාස 2,500 කට පමණ විදුලිය අහිමි වුණා.

ඉන් පසුව එම ප්‍රදේශයට බලපෑ විශාලතම භූමි කම්පාව මෙය වනවා.

භූමි කම්පාවෙන් සිදුවූ බලපෑම් පිළිබඳ මෙතෙක් නිසි තොරතුරු ලැබී නැහැ.

World News