Latest News

ජනප්‍රිය වෙරළ තීරයක මසුන් මියයාමක් වාර්තා වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියාවේ ජනප්‍රිය වෙරළ තීරයක මියගිය මසුන් දහස් ගණනක් හමුවී තිබෙනවා.

මෙල්බන් සිට පැය 3 ක් නැගෙනහිරින් Loch Sport වෙරළ තීරයේයි මෙම කුණු වූ මසුන් හමුවී ඇත්තේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙසේ මාලුන් මියගිය පළමු අවස්ථාව මෙය නොවන නමුත් හේතුව සොයාගැනීමට බලධාරීන් තවමත් අපොහොසත් වී ඇති බවයි.

වෙරළ තීරයේ කිලෝමීටර් 6 ක කොටසක් මියගිය කුණු වූ මාලුන්ගෙන් පිරී ඇති බවයි ධීවර සමාජ සභාපතිවරයා පවසා ඇත්තේ.

මාලුවන් පමණක් නොව කුඩා ඉස්සන්, මුහුදු අශ්වයින්ද වෙරළට ගොඩගසා ඇති බව ඔහු පවසා තිබෙනවා.

මේ පිළිබඳව සොයාබැලීමට වික්ටෝරියා පරිසර දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි බලධාරීන් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today