මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සතර මහා දේවාලවල කප් සිටුවීම අද (05) සුබ මොහොතින් සිදු කෙරුණා.
ඒ අනුව අද අලුයම 4.10 ට යෙදුණු සුබ මොහොතින් වයඹ දිශාභිමුඛවයි.
ඒ අනුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාලවල ද කප් සිටුවීම සිදු කෙරුණු බවයි WESL Radio වාර්තාකරු සඳහන් කළේ.
මේ සඳහා විශේෂයෙන් සකසන ලද කප අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ සිට අලි ඇතුන් සහිත පෙරහරකින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ සිදු කෙරුණා.
එලෙස රැගෙන ආ කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කර තිබූ අතර, පසුව එය කොටස් හතරකට වෙන්කොට දේවාල හතරට බෙදා දීම ද සිදුකර තිබුණා.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 දින වීදී සංචාරය කිරීමට නියමිතයි.
එමෙන්ම පළමු රන්දෝලි පෙරහර වීදී සංචාරය ආරම්භ වන්නේ 15 දායි.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පසළොස්වක පොහෝ දිනය යෙදෙන 19 වනදා රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතයි.