Latest News

Emirates පළමු පන්තියේ මගීන් වෙනුවෙන් අලුත්ම වෙනසක් (PHOTOS)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Emirates ගුවන් සමාගම විසින් සිය පළමු පන්තියේ මගීන් වෙනුවෙන් අලුත්ම වෙනසක් සිදුකර තිබෙනවා.

‘Game Changer’ ලෙස හැඳින්වෙන මෙම සුපිරි අත්දැකීම මෙම සතියේ සිට පළමු පන්තියේ මගීන් වෙනුවෙන් ලබාගත හැකි බවයි Emirates ගුවන් සමාගම පවසන්නේ.

ඒ අනුව Emirates හි Boeing 777-300ER දරණ ගුවන් යානයේ සුපිරි කැබින් 4 ක් හඳුන්වා දී ඇති බව එම සමාගම කියා සිටියා.

එම සුවිශේෂී පළමු පන්තියේ කැබින් ඔස්ට්‍රේලියාවට හඳුන්වාදුන් පළමු සමාගම ලෙසද Emirates පත්වනවා.

එය මෙල්බන් සිට ඩුබායි දක්වා පියාසර කරන Emirates හි තුන්වන සෘජු ගුවන් සේවාව වනු ඇති.

මෙම ගුවන් යානය Mercedes-Benz S- ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර, එහි ඇති උසස් තාක්ෂණික මෙවලම් මෙන්ම ඉඩකඩ සහිතව මනා පෙනුම සුවිශේෂී නිර්මාණයක් බවයි සමාගම පවසන්නේ.

සුඛෝපභෝගී විනෝදාස්වාදයක් මෙන්ම සුපිරි ආහාර බොජුන් රසවීඳීමේ අවස්ථාවද Emirates මගින් දැන් අවස්ථාව උදාවී තිබෙනවා.

World News

Send your contact Details Today