Latest News

සිඩ්නි හි මුස්ලිම් පල්ලියකට තරුණයෙකුගෙන් තර්ජනයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිඩ්නි හි මුස්ලිම් පල්ලියකට තරුණයෙකු තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුව ඊයේ විභාගයට ගෙන තිබෙනවා.

තමා ඉන්ස්ටර්ග්‍රෑම් හරහා එම තර්ජනය සිදුකර ඇති බවට 16 හැවිරිදි තරුණයා අධිකරණය ඉදිරියේ ඊයේ පිළිගෙන තිබුණා.

එය විහිළුවකට සිදුකළ එකක් බවයි ඔහු විනිසුරුවරයා ඉදිරියේ පවසා ඇත්තේ.

2019 වසරේ සිදුවූ ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම් සිද්ධිය පාදක කරගනිමින් මෙම තරුණයා ඉන්ටර්ග්‍රෑම් ඔස්සේ තර්ජන හා අන්තරායකර බැන වැදීම් සිදුකිරීමට එරෙහිව චෝදනා ලැබුවා.

පසුව ඊයේ අධිකරණයෙන් නිදහස ලැබූ ඔහු පරිවාස මධ්‍යස්ථානයක අන්තවාදයට එරෙහි වැඩසටහන් සඳහා යොමුකර තිබෙනවා.

දරුවාගේ නීතීඥයා අධිකරණයට පවසා ඇත්තේ එම ක්‍රියාවේ වගකීම ඔහු භාරගෙන ඇති බවයි.

World News

Send your contact Details Today