Latest News

“අපෙන් පලිගන්න එපා” – අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් ඉල්ලීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට එරෙහිව පලිගැනීම් සිදු නොකරන ලෙස එරට භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා සිටිනවා.

අමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකා ජනතාවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් එම ඉල්ලීම සිදු කළා.

අමෙරිකාවේ තීරු බදුවලට එරෙහි පලිගැනීමක් කළහොත් තීරු බදු තවදුරටත් ඉහළ යාම පමණක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා.

එබැවින් මෙම අවස්ථාවේ සිදු කළ යුත්තේ හොඳින් අසුන්ගෙන ගැඹුරු හුස්මක් ලබාගනිමින් සිදු වන්නේ කුමක්ද යන්න අවබෝධයෙන් යුතුව නිරීක්ෂණය කිරීම බවයි අමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

පලිගැනීමක් සිදු නොකළහොත් පැනවෙන උපරිම තීරු බදු මෙය වනු ඇති බව ද ඔහු පවසනවා.

චීනය, යුරෝපා සංගම, තායිවානය, ඉන්දියාව පාකිස්ථානය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගනිමින් අමෙරිකා ජනාධිපතිවරයා ඊයේ දිනයේදී නව තීරු බදු හඳුන්වා දුන්නා.

World News

Send your contact Details Today