ඇමේසන් සමාගම විසින් TikTok යෙදුම මිලදී ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කර තිබෙන බවට ධවල මන්දිර ප්‍රකාශකයෙකු පවසන බව New York Times වාර්තා කරනවා.
ඒ අනුව ඇමසන් යෝජනාව එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස් සහ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් වෙත ලිපියක් යොමු කරමින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගියදා ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීණය කර සිටියේ TikTok තහනම් කළ යුතු බවයි.
එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් TikTok යෙදුම තවත් දින 75 ක් දක්වා රට තුළ ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදුන්නා.
මේ අතර TikTok යෙදුම මිලට ගැනීමට ටෙස්ලා සමාගමේ හිමිකරු Elon Musk ඇතුළු ධනවතුන් රැසක් ද මීට පෙර ලංසු තිබෙනවා.
කෙසේවෙතත් TikTok හි හිමිකරු ByteDance යෙදුම විකිණීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී නොමැති බවයි New York Times සඳහන් කරන්නේ.