Latest News

ට්‍රම්ප්, ලබන මාසයේ සිට ඉන්දියාවට කරන්න යනදේ කියයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් ලබන මාසයේ සිට ඉන්දියාවට නව තීරු බදු පැනවීමට තීරණය කර තිබෙනවා.

අමෙරිකා ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය දා වොෂින්ටනයේ හමුවු අවස්ථාවේ දී ද්විපාර්ශවික වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට තීරණය කළා.

වසර 2030 වන විට ද්විපාර්ශවික භාණ්ඩ හා සේවා වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා වැඩි කර ගැනීම දෙරටේ අරමුණයි.

එහිදී අමෙරිකාවට ගෙන්වන සියලුම ආනයනික වාහන සඳහා 25%ක තීරු බද්දක් අය කිරීමට තීරණය කෙරුණා.

ඒ අනුව විදේශයන්හි එකලස් කරන ලද ඇමෙරිකා වෙළෙඳ නාම ඇතුලු අමෙරිකාවේ විකුණන සියලුම වාහන සඳහා මෙම තීරු බද්ද අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව ඉහළ තීරු බදු අයකෙරෙන රටක් වන අතර අමෙරිකා භාණ්ඩ සඳහා ද එලෙස තීරු බදු අය කෙරෙන හෙයින් අමෙරිකාව ගනු ලැබු තීරණය අප්‍රේල් දෙවන දා සිට ක්‍රියාත්මක වනවා.

World News

Send your contact Details Today