Latest News

මස්ක්, ‘එක්ස්’ විකුණයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එලොන් මස්ක් හිමිකාරිත්වය දරණ ‘එක්ස්’ සමාජ ජාල වේදිකාව විකුණා දමා ඇති බව වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් බිලියන 33 කට මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

‘එක්ස්’ සමාජ ජාල වේදිකාව මෙලෙස මිල දී ගෙන ඇත්තේ එලොන් මස්ක්ගේම, කෘතිම බුද්ධි සමාගම වන xAI සමාගම විසින් වීම විශේෂත්වයක්.

මස්ක් මෙම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් පැවසුවේ දත්ත, ආකෘති, ගණනය කිරීම, බෙදාහැරීම සහ කුසලතා ඒකාබද්ධ කිරීමට පියවර ගත් බවයි.

එමෙන්ම මෙය අපට ලෝකය පිළිබිඹු කරනවා පමණක් නොව මානව ප්‍රගතිය ක්‍රියාකාරීව වේගවත් කරන වේදිකාවක් ගොඩනැගීමට ඉඩ සලසන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2022 වසරේ අගභාගයේ දී මස්ක් ඩොලර් බිලියන 44 ක මුදලක් වියදම් කරමින් ට්විටර් මිලදී ගත් අතර, පසුව එම සමාජ ජාල වේදිකාව ‘එක්ස්’ ලෙස නම වෙනස් කිරීමට ඔහු කටයුතු කළා.

World News

Send your contact Details Today