Latest News

කඳවුරු බැඳීමට තහනම් මුහුදු බඩ ප්‍රදේශයක් ගැන දැනුම්දීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඔස්ට්‍රේලියාවේ ඇල්බනි නගරයේ මුහුදුබඩ ප්‍රදේශයක කඳවුරු බැඳීම තහනම් කරමින් ඩොලර් 200 ක දඩයක් නියම කර තිබෙනවා.

එය නගරයේ නිවාස මිල අධිකම ප්‍රදේශයක් වන අතර ඉතා සමෘද්ධිමත් ප්‍රදේශයක් බවයි වාර්තා පළවන්නේ.

මිඩ්ල්ටන් බීච් හි මධ්‍ය නිවාස මිල වන්නේ ඩොලර් මිලියන 1.4 ක් වන අතර එය මෑතකදී ප්‍රතිසංස්කරණයටද ලක්කර තිබෙනවා.

ඊට ඩොලර් මිලියන 3.5 ක ආයෝජනයකින් පොදු ෂවර් සහ වැසිකිලි වැඩිදියුණු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එහි නිවාස හිමියන් පවසන්නේ ප්‍රදේශයේ පවතින පහසුකම් හේතුවෙන් නීති විරෝධී කඳවුරු බැදීම් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර පැය 24 ක් තුළ කඳවුරු උල්ලංඝනය කිරීම් 6 ක් මේ වනවිට ලබාදී ඇති බව එහි කවුන්සිලය සඳහන් කළා.

World News

Send your contact Details Today