Latest News

🟠 𝗝𝗨𝗦𝗧 𝗜𝗡: භූකම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව තායි බලධාරීන් පවසා තිබෙනවා.

බැංකොක් නුවර චතුචක් උද්‍යානයේ මහල් ගොඩනැගිල්ලක් තප්පර කිහිපයකින් කඩාවැටී ඇති බව බැංකොක් හී හදිසි වෛද්‍ය විද්‍යා පිළිබඳ ජාතික ආයතනය පැවසුවා.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද එම ආයතනය පවසා තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වුණේ අදාළ ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විත වූවක් බවයි.

එමෙන්ම මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

World News

Send your contact Details Today