Latest News

ලංකාවේ ශුක්‍රාණු බැංකුවේ හරියටම ලියාපදිංචි වන්නේ මෙහෙමයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කෙරුණු ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසනවා.

මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවත්, ඔවුන්ට පිළිවෙලින් ඒ සඳහා අදාල දින ලබා දෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතාවට මෙවැනි ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කෙරුණේ ඉකුත් දෙසම්බර් 04 වැනිදායි.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා ඉදිරිපත් වන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.

මේ සඳහා දායක වීමට කැමතිනම් 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා සම්බන්ධ විය හැකියි.

එමෙන්ම ඔබගේ රහස්‍යභාවය 100%ක් සුරක්ෂිත බව ද කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

World News

Send your contact Details Today