Latest News

🟠 𝗝𝗨𝗦𝗧 𝗜𝗡: තායි – මියන්මාර දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායි – මියන්මාර දේශසීමාවේ අද (28) තායි අගනුවර රිච්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ජර්මනියේ භූ විද්‍යා සඳහා වූ GFZ මධ්‍යස්ථානය පැවසුවේ එම භූමිකම්පාව කිලෝමීටර් 10 ක් නොගැඹුරු බවත්, තාවකාලික වාර්තාවලට අනුව අසල්වැසි මියන්මාරයේ කේන්ද්‍රස්ථානයක් ඇති බවයි.

කෙසේවෙතත් සිදු වූ දේපල හානි හෝ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

බැංකොක්හි විශාල ප්‍රදේශය මිලියන 17 කට අධික ජනතාවක් වාසය කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උස් මහල් නිවාසවල ජීවත් වනවා.

තැතිගත් පදිංචිකරුවන් මධ්‍යම බැංකොක්හි ජනාකීර්ණ මහල් නිවාස සහ හෝටල්වලින් පිටතට පැමිණ තිබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාවෙන් පසු මිනිත්තු කිහිපය තුළ ඔවුන් දහවල් හිරු එළියෙන් සෙවන සොයමින් වීදිවල රැඳී සිටි බවත් එම වාර්තා සඳහන් කළා.

භූමිකම්පාවේ කේන්ද්‍රය මධ්‍යම මියන්මාරයේ, මොනිවා නගරයට කිලෝමීටර් 50 ක් (සැතපුම් 30) පමණ නැගෙනහිරින් වාර්තා වන අතර සිවිල් යුද්ධයක් මධ්‍යයේ පවතින මියන්මාරයේ භූමිකම්පාවේ බලපෑම පිළිබඳව ක්ෂණික වාර්තා පළවන්නේ නැහැ.

World News

Send your contact Details Today