මේ දක්වා රටේ පුරවැසියන් සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක(TIN) මිලියන 6.8 ක් නිකුත් කර ඇති අතර එමඟින් ඔවුන්ට රජයේ සේවාවන් ලබාගැනීම පහසු වන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් එම්.ඒ. ප්‍රියංක පවසනවා.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව සහ මැතිවරණයේදී ජනමාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, රජයේ සේවාවන් ලබාගැනීම පහසු කිරීම සඳහා රටේ සෑම පුරවැසියකුටම ඩිජිටල් හැඳුනුම්පත් කේතයක් ලබාදෙන බවයි.
අවුරුදු 18 ට වැඩි මිලියන 17ක මුළු ජනගහනයෙන් සියයට 46 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා TIN නිකුත් කර තිබෙන බවත් TIN එකක් ලබාගැනීමේ වටිනාකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා.
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා TIN එකක් ලබාගැනීම යනු සෑම කෙනකුම බදු ගෙවීමට බැඳී සිටින බවක් අදහස් නොවන බවයි ඔහු තවදුරටත් අවධාරණය කළේ.