Latest News

සැනට් මණ්ඩල රැස්වීමට අද කුණු මාළුවෙකු රැගෙන එයි

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සැනට් මණ්ඩල රැස්වීමට අද කුණු මාළුවෙකු රැගෙන ඒමේ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ඒ අනුව හරිත පරිසර මාධ්‍ය ප්‍රකාශක Sarah Hanson-Young අද සෙනට් සභාවට කුණු වූ Salmon මාළුවෙකු රැගෙන ආ බවයි එරට මාධ්‍ය පැවසුවේ.

ඒ ටස්මේනියා සැමන් කර්මාන්තය ජීවනාලියක් බවට පත්කිරීමට අගමැති ඇල්බනීස් දුන් පොරොන්දුව විවේචනය කරමින්.

සැමන් මාළුවා අතැතිව Sarah එහිදී කියාසිටියේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් ඇල්බනීස් මෙම ක්‍රියාව සිදුකළ බවයි.

සැමන් ගොවිතැන් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාල පාරිසරික නීති සම්පාදනය කිරීම ඊයේ රජය විසින් සම්මත කර ගෙන තිබෙනවා.

නමුත් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කමිටුවක් විසින් සලකා බැලීමක් සිදුවී නොමැති බවයි චෝදනා කරන්නේ.

World News

Send your contact Details Today