මෙම වසර සඳහා වාහන ආනයනයට මහ බැංකුවට ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණක් මුදලක් වෙන් කිරීමට සිදු වනු ඇති බව මහ බැංකුව අපේක්ෂා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.
වාහන ආනයනයෙන් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති දැයි දැන්ම පැවසිය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, ඉතිරි මාස 9 සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක් පමණ ඇති බවත්,වසරකට වාහන ආනයනයට ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වැය වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.