වෙනිසියුලාවෙන් ඉන්ධන මිලදී ගන්නා ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25% ක අතිරේක බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙන බව CNN පුවත් සේවය වාර්තා කරනවා.
සිය රාජ්‍යයේ සතුරකු වන වෙනිසියුලාවෙන් තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ඕනෑම රටක අප සමඟ ගනුදෙනු කිරිමේදි ඕනෑම භාණ්ඩයකට 25% ක අතිරේක බදු ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ ටෘත් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සඳහන් කර තිබෙන බවයි CNN වැඩිදුරටත් වාර්තා කළේ.
වෙනිසියුලාව වුවමනාවෙන් සහ වංචනිකව, අමෙරිකාවට අපරාධකරුවන් එවා තිබෙන බවටත් ට්‍රම්ප් විසින් චෝදනා කළ බව ද වාර්තා වනවා.