Latest News

සිඩ්නි වෙරළට ඔබ්බෙන් ඉතා අසාමාන්‍ය සංසිද්ධියක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිඩ්නි වෙරළට ඔබ්බෙන් ඉතා අසාමාන්‍ය සංසිද්ධියක් සිදුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.

ඒ අනුව සිඩ්නි වෙරළේ තරංග අතර දිගු කාල පරිච්ඡේදයක් දක්නට ලැබෙන බවයි ඔවුන් හඳුනාගෙන ඇත්තේ.

තරංග දෙකක අතර කාලය තත්පර 22 ක් තරම් වන බව කාලගුණ කාර්යංශය නිවේදනය කළා.

මෙම දිගු තරංග කාලය Groundswells ලෙසයි හැඳින්වෙන්නේ.

තත්පර 20 කට වැඩි මුහුදු තරංග කාලයක් පැවතීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බවයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසන්නේ.

1992 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම කාල පරිච්ඡේදය මෙය බවද ඔවුන් කියා සිටියා.

පසුගිය සතියේ ඇන්ටාක්ටිකාවේ ඇතිවූ ප්‍රබල සුළං මීට හේතුවන්නට ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

කෙසේවෙතත් මෙමගින් වෙරළ තීරයන්ට දැඩි හානියක් සිදුනොවන බව ඔස්ට්‍රේලියා කාලගුණ විද්‍යා කාර්යංශය අවධාරණය කරනවා.

World News

Send your contact Details Today