Latest News

හුදෙකලාව සිටින තරුණ තරුණියන් ගැන සමික්ෂණයක දී අනාවරණය වූ දේ

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් විශ්ව විද්‍යාලය මඟින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 15 සිට 24 දක්වා වූ ඔස්ට්‍රේලියානුවන් මෙම පිරිස අතර ඉහලින් සිටින බව සඳහන්.

තරුණ ඔස්ට්‍රේලියානුවන් 17,000 කට වඩා වැඩි පිරිසක් උපයෝගි කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර තරුණ හුදෙකලාභාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගන්නා බවයි එමඟින් තහවුරු වී ඇත්තේ.

විශේෂයෙන් ගෘහාශ්‍රිත පිරිවැය ඉහළ යෑම සහ ආර්ථික අපහසුතා ද තරුණ හුදෙකලාභාවයට බලපෑම් කරන බව හඳුනාගෙන තිබෙනවා.

සමීක්ෂණ වාර්තා අනුව තරුණ ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සහ වැඩිහිටි පරම්පරාවෙන් ඈත්ව හුදෙකලාව සිටින බවයි වාර්තා වන්නේ.

මෙල්බන් විශ්ව විද්‍යාලය පවසන්නේ සමාජ මාධ්‍යවල බලපෑම ද තරුණ හුදෙකලා භාවය සඳහා වඩාත් බලපෑම් සහගත තත්වයක් බවයි.

World News

Send your contact Details Today