Latest News

නීති විරෝධී Vape වලට ලක්ෂ 21 ක දඩයක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නීති විරෝධී දුම්කොළ සහ e-දුම්වැටි මර්දනයට ඔස්ට්‍රේලියාවේ දැඩිම නීති හඳුන්වාදෙන ප්‍රාන්තය වීමට දකුණු ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ප්‍රාන්ත පොලිසියට අමතර බලතල ලබාදීමටද නියමිතයි.

නීති විරෝධී දුම්කොළ සහ e-දුම්වැටි ජාවාරම් සඳහා පළමුවරට වරදකරුවෙකු වන අයෙකුට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ දැනට නියම වන දඩය ඩොලර් ලක්ෂ 7 ක්.

එය ඩොලර් මිලියන 2.1 දක්වාද දෙවන වරටත් එම වරදම සිදුකල අයෙකු සඳහා පණවන දඩය ඩොලර් මිලියන 4.2 දක්වාද වැඩි කිරීමටයි බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

නීති විරෝධී දුම්කොළ සහ දුම්වැටි ජාවාරම් සඳහා පළමුවරට වරදකරුවෙකු වන ව්‍යාපාරයක් සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ නියම වන දඩය ඩොලර් මිලියන 5.5 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දෙවන වරටත් එම වරදම සිදුකල ව්‍යාපාරයක් සඳහා පණවන දඩය ඩොලර් මිලියන 6.6 දක්වා වැඩි කෙරෙනු ඇති.

මෙම නව සංශෝධන දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ මේ දිනවල විවාද කෙරෙමින් පවතිනවා.

World News

Send your contact Details Today