Latest News

දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන්ගේ කිරි සිහිනය සැබෑවක් කරගන්නට ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකට ලැබුණු දේ

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලක් තුළ ශුක්‍රාණු ධාතු බැංකුවක් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ දී ආරම්භ කර තිබෙනවා.

මෙය ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වී ඇත්තේ, මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන්ට දරුවන් ලබාදීමයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීම අනිවාර්ය වෙනවා.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් උපකාර කිරීමට ඔබත් කැමති නම්, 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකියි.

කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ, මෙම ශුක්‍ර ධාතු ලබාගැනිම ඉතා රහසිගතව පුද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයෙන් සිදුවන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් දන්තනාරායන මහතා…

”මෙම ධාතු බැංකුව පසුගිය කාලයේ සිදුකරගෙන ගියා.මෙමගින් අපිට මඳසරුභාවය තියෙන අම්මලා,ශුක්‍ර ධාතු අඩු පියවරු හමුවුණා…මව තෝරා ගෙන IUI ක්‍රමයක් මඟින් ධාතු තැන්පත් කරනවා.HIV,HEPATITIS,VDRL ලේ පරීක්ෂණ සිදුකරනවා.මෙම පරික්ධණ වලින් සමත්වෙන පියවරු මාස තුනකට පසු නැවත යළි පරීක්ෂණයකට භාජනය කරනවා.”

World News

Send your contact Details Today