Latest News

අමෙරිකාවේ අධ්‍යාපනය ලබන ඉන්දීය සිසුන්ට උපදෙස් මාලාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ අධ්‍යාපනය ලබන ඉන්දීය සිසුන්ට ඉන්දියාවෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අමෙරිකාවේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ජාතික සිසුවෙකු වන බදර් ඛාන් සූරි සහ ශිෂ්‍යාවක වන රන්ජනී ශ්‍රී නිවාසන් ත්‍රස්තවාදී කටයුතු ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් එම සිසුන් සම්බන්ධයෙන් අමෙරිකාව ක්‍රියාමාර්ග ගෙන තිබීම හේතුවෙන්.

ඒ අනුව ඉන්දීය රජය විසින් ඉන්දීය සිසුන්ට දැනුම් දී තිබෙන්නේ අමෙරිකානු නීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම එම සිසුන්ගේ ක්‍රියා කලාපයන්ට ඉන්දීය රජය කිසිදු පිටුබලයක් ලබා දී නොමැති බව ඉන්දියානු තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ වෙනත් රටවල සිසුන්ට අමෙරිකා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාදීමට වෙන් කර ඇති අරමුදල් කපා හැර එවැනි සිසුන් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි.

World News

Send your contact Details Today