Latest News

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් හිමි රැකියා ලැයිස්තුව එළියට

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ වඩාත් ඉහළ වැටුපක් හිමි වෙළඳ ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

Sleek හි නවතම දත්ත මත පදනම්වයි මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ.

පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයට අදාළ රැකියා දත්ත ඔස්සේ පෙන්වා දී ඇත්තේ රට තුළ වෙළඳ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පුද්ගලයන් මිලියන 1.9 ක් පමණ සිටින බවයි.

ඒ අනුව ඉදිකිරීම් කළමනාකරුවන් ඩොලර් 134,000 ක පමණ වාර්ෂික වැටුපක් හිමි වන බවයි දැක්වෙන්නේ.

Sleek හි දත්තවලට අනුව විදුලි කාර්මිකයන්ට ඔස්ට්‍රේලියාවේදී ලැබෙන වාර්ෂික වැටුප් ප්‍රමාණය ඩොලර් 89,000 ක් වීමද විශේෂත්වයක්.

Boilermaker වෘත්තියේ නියැලෙන්නන්ටද වාර්ෂිකව ඩොලර් 87,000 ක ඉහළ වැටුපක් හිමි වනවා.

මේ අතර Riggers වෘත්තිකයන්ටද වාර්ෂිකව ඩොලර් 86,000 ක වාර්ෂික වැටුපක් ද හිමියි.

ඔස්ට්‍රේලියාව තුළ රැකියාවේ නියුතු වායු සමීකරණ කාර්මිකයන්ට ද වාර්ෂිකව ඩොලර් 83,000 ක වැටුපක් විමි වීම ද කැපී පෙනෙනවා.

ඊට අමතරව Plumber, වඩු කාර්මික, Tiler වැනි වෘත්තීන්වලටද ඉහළ වාර්ෂික වැටුපක් ලැබෙන බවයි මෙම දත්ත ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

World News

Send your contact Details Today