ලෝක සතුටු වාර්තාවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පත්ව තිබෙනවා.
මෙවර විශේෂත්වය වන්නේ ඇමෙරිකාව මෙතෙක් පැවති පහළම ස්ථානයට පත්ව තිබීමයි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය සමග එක්ව ලෝක සතුටු දර්ශකය ප්‍රකාශයට පත්කළා.
ඒ රටවල් 147ක් පාදක කරගනිමිනුයි.
සෞඛ්‍ය, ආර්ථික, නිදහස, ත්‍යාගශීලිභාවය, දූෂණයෙන් තොරවීම ආදි විවිධ සාධක ලෝක සතුටු දර්ශකයේදී සැලකිල්ලට ගන්නවා.
ලෝක සතුටු වාර්තාවේ පළමු ස්ථානයට ෆින්ලන්තය පත්වෙද්දී ඇමෙරිකාව 24වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
එහෙත් ඔස්ටාරිකාව සහ මෙක්සිකෝව පළමු දස දෙනා අතරට පැමිණීම විශේෂත්වයක්.
සමාජ හුදෙකලාව සහ දේශපාලන හේතූන් 2025 ලෝක සතුටු වාර්තාවේ මෙතෙක් පැවති පහළම ශ්‍රේණිගත කිරීම දක්වා ඇමෙරිකාව පත්වීමට හේතු වී තිබෙනවා.
ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, කොස්ටාරිකාව, නෝර්වේ, ඊශ්‍රායලය, ලක්සම්බර්ග් සහ මෙක්සිකෝව පිළිවෙලින් දර්ශකයේ ඉහළම ස්ථානවල පසුවනවා.
පහළම ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි.
සියරාලියෝන්, ලෙබනනය, මලාවි,සිම්බාබ්වේ, බොට්ස්වානා, කොංගෝ, යේමනය, කොමරෝස් සහ ලෙසෝතෝ යන රටවල් ද පහළම ස්ථානයන්හි පසුවන බවයි වාර්තාවල දැක්වෙන්නේ.