ලොව ප්‍රමුඛ පෙළේ පාන වර්ග සහ ආහාර සැපයුම්කාර ජාලයක් වන ස්ටාර්බක්ස් අවන්හලක් වෙතින් ලැබුණු උණුසුම් තේ පානයකින් දරුණු පිළිස්සුම් ඇති වූ මයිකල් ගාර්ෂියා නම්ත්තකුට ඩොලර් මිලියන 50 (£38.47m) ක වන්දියක් ප්‍රදානය කරන ලෙස එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ජූරි සභාවක් නියෝග කර තිබෙනවා.
2020 වසරේ පෙබරවාරි මාසයේදී මයිකල් ගාර්ෂියා සිය වාහනයේ පැමිණ යම් පාන වර්ගයක් ඇණවුම් කරන අතර, ස්ටාර්බක්ස් සේවිකාව එම උණුසුම් පානය ලබාදෙන එක් කෝප්පයක් නියමිත පරිදි සවිකර නැහැ.
එම කෝප්පය මයිකල් ගාර්ෂියාගේ උකුළ මත වැටෙන අතර ඔහුගේ ලිංගික ප්‍රදේශයේ දරුණු පිළිස්සුම් තුවාල සිදුවනවා.
කෝප්පය සුරක්ෂිත ලෙස පාරිභෝගිකයාට ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ස්ටාර්බක්ස් 100% ක් වගකිව යුතු බව තහවුරු කර ඇති අතර එයට වන්දි ගෙවීමට මෙලෙස නියම කර තිබෙනවා.
වන්දි මුදල විශාල බව පවසමින් සමාගම තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරනවා.