Latest News

ට්‍රම්ප් සහ පුටින් අතර යුක්‍රේනය ගැන තීරණාත්මක සාකච්ඡාවක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන්.

එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අද දිනයේ ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා රුසියානු – යුක්‍රේන සාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today