Latest News

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් විශේෂ පුද්ගලයෙක් ඇතුළු 200කට අධික පිරිසක් ජිවිතක්ෂයට

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසාහි නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මහමුද් අබු -අෆා ඇතුලු පලස්තීනුවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

ඒ ඊශ්‍රායල හමුදා දියත් කර ඇති මිසයිල ප්‍රහාරවලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, හමාස් සංවිධානයට අයත් ත්‍රස්ත ඉලක්ක වෙත මෙම මිසයිල ප්‍රහාර මාලාව එල්ල කළ බවයි.

සටන් විරාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ගාසා තීරයට එල්ල වූ විශාලම ප්‍රහාරය මෙය වනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා පැවති සාකච්ඡාවල කිසිදු ප්‍රගතියක් නොවීම හේතුවෙන් තමන් ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි.

World News

Send your contact Details Today