Latest News

“යුනිකෝන්” ගේ මරණයට හේතුව හෙළිවේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි “යුනිකෝන්” නැමැති හස්තියා මියගොස් තිබෙනවා.

වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඊයේ (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසුවේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය 15 වනදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමැති හස්තියාට වෙඩිතබන්නට ඇති බවයි.

වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ද පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today