Latest News

2050 වසර වනවිට හෘද රෝගීන්ගේ දෙගුණ වීමක් ගැන අනතුරු ඇඟවීමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2050 වසර වනවිට අධික උණුසුම ඔස්ට්‍රේලියාවේ හෘද රෝගී තත්වය දෙගුණ හෝ තෙගුණ කිරීමට බලපාන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

මේ වනවිට පවතින අධික උණුසුම් තත්වය ඔස්ට්‍රේලියා හෘද රෝගීන්ගෙන් සියයට 7.3 කට වගකිව යුතු බවයි නව දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ හෘද රෝග බවයි එම අධ්‍යයන වාර්තා පවසන්නේ.

2023 වසරේ ඔස්ට්‍රේලියාවේ මරණවලින් Ischaemic heart disease තත්වයෙන් සියයට 9.2 ක් වාර්තා වී ඇතැයි සංඛ්‍යාලේඛන කාර්යංශයේ දැක්වෙනවා.

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල සමූහයක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළිවූයේ ඉහළ උෂ්ණත්වයත් සමග හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවයි.

2003 වසරේ සිට 2018 දක්වා වසර 15 ක් තුළ ඔස්ට්‍රේලියාවේ උණුසුම් කාලගුණවලදී හෘද රෝග හේතුවෙන් සෑම වසරක පුද්ගලයින් 48,000 කට වැඩි සංඛ්‍යාවක් ජීවිත අහිමි වී තිබෙනවා.

උණුසුම් කාලගුණයකදී මිනිස් සිරුර සිසිල් කිරීමට හෘද වස්තුව විශාල කාර්යභාරයක් ඉටුකරන අතර එහිදී ඇතිවන පීඩනය සමහරුන්ට දැඩි ලෙස බලපාන බවයි ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය වෛද්‍යවරුන් පවසන්නේ.

ඒ අනුව වායු විමෝචනය අඛණ්ඩව ඉදිරි වසර තුළත් ක්‍රියාත්මක වුවහොත් 2050 වසර වනවිට දරුණු තත්වයක් ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

World News

Send your contact Details Today