පොළොන්නරුව – දියබෙදුම පොලිස් වසමේ ඉහකුළුවැව 41 රක්ෂිතයේ මියගොස් සිටි තනි දළයක් සහිත ඇතෙකුගේ මළසිරුරක් සොයාගැනීමට හැකි ව තිබෙනවා.
අද (17) දහවල් මෙම සද්දන්තයාගේ සිරුර ප්‍රදේශවාසියෙකු දැක ඒ ගැන දියබෙදුම පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය හා කවුඩුල්ල වනෝද්‍යාන සිය නිජබිම ලෙස තබා ගනිමින් සැරිසැරූ “යුනිකෝර්න්” නමැති ඇතෙකු බවට සැක කෙරෙන බව ද ගිරිතලේ වනජීවී නිලධාරීන් පවසනවා.
40 හැවිරිදි වියෙහි බවට සැක කෙරෙන මෙම ඇතාගේ දකුණු දළය අඩි 04කට ආසන්න අතර උසින් අඩි 8.5ක්.
මෙම ඇතාට වෙඩි තබා ඝාතනය කළේ ද නැතහොත් ස්වාභාවික මරණයක් දැයි සොයා ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.