Latest News

ට්‍රම්ප් පරි­පා­ල­නය විවේ­ච­නය කළ දකුණු අප්‍රි­කානු තානා­පතිට දඬුවමක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කාවේ දකුණු අප්‍රි­කානු තානා­පති ඉබ්‍ර­හිම් රසූල් රටින් නෙරපා දමාතිබෙනවා.

ඒ ට්‍රම්ප් පරි­පා­ල­නය විවේ­ච­නය කිරීම හේතු­වෙන්.

ඔහුට අමෙ­රි­කා­වෙන් පිට­වී­මට පැය 72ක කාල­යක් ලබාදී ඇතැයි ද වාර්තා වනවා.

දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා තව­දු­ර­ටත් අමෙ­රි­කා­වට අවශ්‍ය නැති බව එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳ­හන් කර ඇති අතර, දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා අමෙ­රි­කා­වට සහ ජනා­ධි­ප­ති­ව­ර­යාට වෛර කරන දේශ­පා­ල­න­ඥ­යකු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා අමෙ­රි­කා­වෙන් නෙරපා හැරීම නිල වශ­යෙන් සිදුවී ඇති බව දකුණු අප්‍රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මාධ්‍ය ප්‍රකා­ශක ද තහ­වුරු කර තිබෙනවා.

World News

Send your contact Details Today