ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ දක්වා අපේක්ෂකයින් 14 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ අතර භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්, අක්මීමන දයාරතන හිමියන් ඒ අතර වනවා.
අද (02) දින කේ. ආනන්ද කුලරත්න සහ සරත් මනමේන්ද්‍ර යන මහත්වරුන් ඇප තැන්පත් කළ බව සඳහන්.