Latest News

අකීකරු ට්‍රම්ප්ගේ දැඩි තීරණයක් නිසා යේමනයට හානි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය කිහිපයකින් අනතුරුවයි.

එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ, අමෙරිකානු සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන්.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, යේමනයේ හූතිවරුන් සඳහා තීරණාත්මක හා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවයි.

World News

Send your contact Details Today