Latest News

සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතා එල්ල වූ කාන්තාව පළමු වරට මාධ්‍යට කට අරී

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වොම්බැට් මවකගෙන් පැටවා උදුරාගෙන ගිය අමරිකානු කාන්තාව අද ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සමාව ඉල්ලා තිබෙනවා.

සෑම් ජෝන්ස් නම් මෙම කාන්තාව ඔස්ට්‍රේලියාවේ මොන්ටානා හි මාර්ගයක් අසල සිටි වොම්බැට් පැටවෙකු රැගෙන මෝටර් රථය වෙත දිවයන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ හුවමාරු වුණා.

එහිදී වොම්බැට් පැටවාගේ මව මෙම කාන්තාව පසුපස ලුහුබඳින ආකාරයද වීඩියෝවේ දැක්වෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබූ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් ද එම සිද්ධිය දැඩි දෝෂාරෝපනයට ලක්කළා.

කෙසේවෙතත් මෙම ඇමෙරිකානු කාන්තාව අද පැවසුවේ වාහනයක ගැටීම වැළැක්වීම වොම්බැට් පැටවා ඔසවා ගෙන ගිය බවයි.

මෙම සිදුවීමෙන් තම ජීවිතයට ද තර්ජන එල්ල වූ බව සෑම් ජෝන්ස් නම මෙම අමරිකානු කාන්තාව අද කියා සිටියා.

World News

Send your contact Details Today