අපවත් වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව අගෝස්තු 05 වනදා සවස විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බවයි ආදාහන කාරක සභාව දැනුම් දීදෙන්නේ.