Latest News

ශ්‍රී ලංකා සමාගමකට එරෙහිව අමෙරිකානු සම්බාධක පනවයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් “ෂැනන් 2” නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබෙනවා.

අමෙරිකානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පිහිටි මැරීන් සොලූෂන් පුද්ගලික සමාගමට මෙන්ම ඉරාන ඉන්ධන ප්‍රවාහනය කළ “ෂැනන් 2” නෞකාවේ ලියාපදිංචි අයිතිකරු වන මාර්ෂල් දූපත්හි ලියාපදිංචි සෙලෙස්ටීට් මැරිටයිම් සමාගමටද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා තිබෙන්නේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 13846 සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ 13902 යන විධායක නියෝග යටතේ ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම වැළැක්වීමට මෙලෙස සම්බාධක පනවා ඇතැයි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today