Latest News

ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ආරක්ෂ අංශ පවසා ඇත්තේ තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකුද සිටින බවයි සඳහන් වන්නේ.

ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇතිත යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එම වාර්තා සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today