Latest News

අතුරුදන්ව සිටි “සුමේධ” හමු වූ තැන

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොරියක ගැටී සිදුවූ අනතුරකින් දළයක් ගැලවී අතුරුදන්ව සිටි “සුමේධ” නැමැති ඇතා අද (14) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසුවේ, වනජීවී නිලධාරීන් ඇතුලු පිරිස් මරදන්කඩවල ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඇතා සොයාගෙන ඇති බවයි.

හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා මෙම අනතුර සිදුවූ අතර, ඉන් පසුව මෙම ඇතා සොයාගැනීමට දින 09 ක් පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත් අද හමුවූ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සදහන් කළේ.

World News

Send your contact Details Today